Posts

මහාමායාවනි

Image
මෙය කෙසේ සිත් ඇදගන්නා සුලු කථාවකට නැගිය හැකිදැයි මා දින-සති කීපයක් ගෙවෙනා තුරු මා සමග සංවාදයක නියුතු වුනා.  එනමුත් කථාවට නිමිත්තක් ලෙස මා සසල කල මීට නොදෙවෙනි වස්තු බීජයක් මා ජීවිත කාලය තුලම සොයාගත නොහැකි නිසාත්...,  මෙය ඔබ දැනගත යුතුම කථාවක් නිසාත්..,  මෙම කතාව මා තුළ ඇතිකල පීඩනය මුදාහල හැකි හොදම අවස්ථාව මෙය නිසාත්..,  මා සියල්ල එලෙසම මෙහි සටහන් කිරීමට අවසානයේ මම මා සමගම එකඟතාවයකට පැමිනියා.  වස්තු බීජය පරිකල්පනය නැමති තුනපහ එක් නොකර ඔබට පිලිගැන්වීම රස බාල කරයිදෝ යන සැකයෙන් වුවත් මා මගේ සිතෙහි ඇති බර සැහැල්ලු කරනු වස් එය ඒලෙසටම මෙහි ගෙත්තම් කිරීම මෙලස අරඹමි.  • • •  මෙය මා මාගේ ප්‍රේමවන්තිය හමුවූ මුල් වකවානුවේ අප අතර වූ කතාබහක දිගුවක්.  අප දෙදෙනා වෘත්තියයන් දෙකක, සුසමාදර්ශයන් අන්ත දෙකක ජීවත්වූවන් වූ බැව්න් අප අපව හදුනා ගැනීම යම් ලෙසකින් අභියෝගයක්ව පැවතියා.  ඒ නිසාම අප දෙදෙනා විසින් අප සුසමාදර්ශයන් තුල අප ලැබූ අත්දැකීම්, වෘත්තිය ජීවිතය තුල ලැබූ අත්දැකීම් එකිනෙකා ඉදිරියේ දිගහැරීම එම දිනවල අප අතර නොවැරදීම සිදුවූ දවස අවසානයේ "මල් කඩන" පරිඡේදය...

අභිෂේකය

Image
  නිමිත්ත උපාධි ප්‍රධානෝත්සවයේ ජායාරූප ඇනවුම බාරදීමට වූ පෝළිමේ  මට ඉදිරියෙන් වූ කෙසග සිරුරැති තරුණිය, තෝරාගැනීමට තිබූ කණ්ඩායම් ජායාරූප, පවුලේ ජායාරූපය ආදී වූ සියලු තෝරාගැනිම් ඉවත් කර  තනි-පුද්ගල ජායාරූපය පමණක් තෝරා,  පසුම්බියේ අස්සක තුනට හතරට නවා තිබූ රුපියල් 500ක් ගෙන තොරාගත් තනි ජායාරූපයට පමනක් මුදල් ඇනවුම බාරදුන්නීය.  මහඇමති නන්ද... ගොසින් පවසන්ට... උත්සවය කරවන උන්ට... අවැසි නැති වග මගුල් බෙර, ජය සක්, කාහලය මට කිරුළ වෙත ආ මග  සිහිකරන විට, හදින් නැගෙන දෝංකාරයට කන්දෙන්නම් මම එදිනට.... අවැසි නැති වග සේසත් තෝමර, ජය ධජ මට කිරුළ වෙත ආ මග  සිහිකරන විට, මා කයේ එසවෙන රෝම පතුරවාවි අවැසි  තේජස... අවැසි නැති වග වන්නම්, ප්‍රශස්ති මට කිරුළ වෙත ආ මග  සිහිකරන විට, මිමිනේවි ජයගී මවිසින් මාහටම නිසැකව... අවැසි නැති වග කිසිවක්ම, එදිනට කිරුළ වෙත ආ මග සිහිකරන විට, සිවු වසරක මතකය අභිසෙස් ගන්වාවි මම මාවම...

රුසියානු විප්ලවයේ සාහිත්‍යමය පසුවිපරම : සමුගනිමු ගුල්සාරි

Image
1966 දී ප්‍රකාශිත, චිංගීස් ආයිත්මාතොව් ගේ අග්‍රගන්‍ය නිර්මානයක් වන සමුගනිමු ගුල්සාරි, කොම්යුනිස්ට් පාලනයේ හිස ඔසවමින් තිබූ නිළදාරීවාදය මෙන්ම, නායකයන් විසින් උත්තේජනය කර යුධ බිමට යවනා සෙබලුන් පශ්චාත් යුධ සමයක මුහුන දෙන බලාපොරොත්තු බිදීයාම් මනාවට නිරූපනය කරයි.  මෙම කෘතිය තුල ආයිත්මාතොව් ප්‍රකාශ කරනා දේශපාලනික පනිවිඩය ඉතා නිර්මානශිලී අයුරින් මහල්ලා හා මහලු අශ්වයාගේ කථාව තුලට ලඝුකර කර, එතුලින් පාඨකයාට ඉතා සූක්ශම අයුරින් ලබාදීමට සමත්වෙයි.  මහල්ලා හා මහලු අශ්වයා තුලින් දිගහැරෙන සමාජවාදය වෙනුවෙන් තම ජීවිතයම කැපකරනා නිර්ව්‍යාජ රුසියානුවන්ගේ මානුශවාදී පැතිකඩ සැබවින්ම ඛේදජනකය. එමෙන්ම ජයිදාර් මගින් පිලිබිබු කෙරෙන රුසියානු කාන්තාව, සමාජවාදී රුසියාවක් වෙනුවෙන් කැපවූ සියලු කාන්තාවන්ට උපහාරයක් වැනිය.  1966 දී ආයිත්මාතොව් ඉගිලබාදෙන රුසියාව තුල උත්සන්න වෙමින් පවතින නිළදාරී වාදය, වගකීම විරහිත බව ඉන් වසර 20කට පසු චර්නොබිල් අනතුර හරහා පුපුරා යන්නේ සමාජවාදයයේ මළගමද සනිටුහන් කරමිනි.   "ගුල්සාරි! ඉතින් උඹට ආයුබෝවන්"

සෞදි ගිය අම්මාට.....

Image
ලැබුනා අම්මේ, අම්මගෙ පඩි පත ගිහින් ගත්ත මම phone එකක් touch කරන ඕන වුනේ මට hit කරන්න සින්දු කියන, අපෙ අක්කව. එහෙමයි අම්මෙ සිද්ද වෙන්නේ මෙහේ වැඩ... මොන ඉඩක්ද අම්මේ බුකියෙ අක්කට, අම්ම hit වෙලා ඉන්නෙ බුකියේ මුලටම කියපු සින්දුවකට නෙවෙයි අම්මෙ ඒ ඔල්වරසන් අම්මට, බීගත්තු තාත්තා අම්මගේ ලේ පුච්චපු තාලෙට දාන් නෑ අම්මේ අක්කගෙ සින්දුව මම, ඊලග දවසේ දානවා තාත්ත පුච්චන හැටි අම්ම්මගෙ ලේ, මම මේ පැත්තෙ ඉදගෙන....

දන්නා Google ගැන නොදන්නා දේ

Image
මා විසින් රචිත තවත් ලිපියක්, 2014 පෙබරවාරි 11 දින දිවයින ඉරිදා සංග්‍රහය.

අඛණ්ඩ උපවාසයේ යෙදෙන පුතුට.......

Image
නිමිත්ත : ගාල්ල බස් නැවතුම පසුකරද්දි රෑ නමය පසු උනා විතරයි, ඇස ගැටුනු දර්ෂණය මගේ හිත සසළ කරා, බස් නැවතුම ඉදිරිපිට අඛණ්ඩ උපවාසෙක යෙදෙන විශ්ව විද්‍යාල සහොදරයින් සතර දෙනෙක්........                                     - 2014.01.31 බැරිද පුතේ නැගිටින්න සටන දිනන තුරු ඉන්නම ඕනද උඹට, කොහොමද නිදාගන්නෙ මම උඹ නිදි වරණ බව දැන දැන අට්ටාලයක් උඩ නොදැනෙනව නොවේ  උඹ මොරදෙන්නෙ හෙටක් වෙනුවෙන් වග ඒත් කොහොමද හදාගන්නෙ හිත. මම අදටත් ඇගිලි ගනින්නෙ  උඹේ උපාධි පොටෝ  එක සාලෙ මැදින් තියන්න  ඒත් දැන් මම උඹ ඉන්න පත්තර කැළි එකතු කරනව හොර රහසෙම ආඩම්බරයක් නැතුවමත් නොවේ පුතේ මට උඹ ගැන තේරෙන් නැ පුතේ ඔය බර වචන මට කප්පාදුව, අයිතිය, නිදහස්  අධ‍්‍යාපනය   ඒත් එන්නද මමත් ඔතනට නිදිවරන උඹට හදා දිය හැකි තේ උගුරක්වත් එතකොට මට ප:ලි: ගාලු නගර මධ්‍යයේ අඛණ්ඩ උපවාසයේ යෙදෙන සහොදර වරුන්ට මෙම පැදි පෙල උපහාරයක්ම වේවා. ප:ප:ලි: කුමන හේතු...

තෙවන ඇස මත සිත්තම් වූ කතරගම

ඇගේ විලාපය

Image
painting by McCubbin අතරමංව අහිමිව සෙනෙහස, රැකවරණය වැන්දඹුවක්ව අත දරා මොළකැටි සිහිනයක, ජීවත් කරවන්නට සිහිනය කෙසේ නම් දරන්නද මේ බර මොණර කොළ එකක දෙකකට පුදන්නට ආත්මය සුවපහසු සයනක් මත නැත කිසිලෙසක ඒ ලෙස කෙළසන්නෙ සිහිනයේ නිර්මලත්වය යදිමි සිගමන් මහ මග සිහිනය වෙනුවෙන් කම් නැත......

සොදුරු අඥාදායකයෙකු කියවීම

Image
විසල් නුග රුකක් සෙවනේ තෙමසක් මා විසින් අදටත් කියැවීමට උත්සාහ කරන චරිතයක් පිලිබදවයි මේ සටහන.  මෙය ප්‍රමාද වූ කියවීමක් එහෙත් එතුලින් පාඩුවක් සිදුවේ කියල මම සිතන් නෑ මන්ද මේ චරිතය තුලින් ගත හැකි පාඩම් දහස් ගණනක් මා හට මෙන්ම ඔබටත් තිබෙන හෙයින්. අවුරුදු 21   ක මගේ ජීවිත කාලය තුල මට විවිද පුද්ගලයන් රාශියක් මුන ගැසිල තියනව , එයින් බොහො දෙනෙකු කියවන්නටත් මම සමත් වී තිබෙනව , නමුත් ඒ අතරින් සුවිශේෂීම පුද්ගලයා තමයි මොහු අමර හේවාමද්දුම මගේම වචන වලින් නම් "අපෙ අමරෙ සීයා" පෞ ද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව කොටුවෙ පෙල පාලි යන අන්තරේ අයියල අක්කලට හුරේ දාපු මට වාසනාවට හරි අවාසනාවට හරි (ඒ ගැන පස්සෙ කතා කරමු ) උසස් අධ‍්‍යාපනය සදහා ඇතුල් වන්න සිදු වුනේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ශන ආයතනයටයි. උදේ පාන්දර 6.05 හේ රුහුණෙන් කොළඹ එන මට ප්‍රධානම ගැටලුව උනේ මේ ගෙන්දගම් පොළවේ නවාතැන් ගැනීම පිලිබදව , අන්න ඒ කාරණයේදී තමයි මේ අග්‍රගන්‍ය චරිතය කරලියට පැමිනෙන්නේ " කොළඹ හුරුවෙනකම් මම මේ දරුව ව තියාගන්නම්" ඒ අනුවයි මා මෙම සොදුරු අ ඥා දායකත්වයට යටත් වීම සිදුවන්නේ ...

හිමි සඳ දැවූ ගිනි දළු නොකී කව

Image
ඔවි මම දුටිමි, එදිනත්, පෙර දවස බෝසත් සාවුන් ගින්නෙන් බේරාගත් "සක් රජු" කැමරාවක් අයාගෙන සිද්ධිය වාර්ථාකරන අයුරු..............

Secret of moon landing (My second science fiction)

Image
"සඳ ගමනේ රහස" මා විසින් රචිත දෙවන විද්‍යා ප්‍රබන්ධය. ඉරිදා ලක්බිම 2011.06.03.

යාල සෆාරි අත්දැකීම

Image
                                2012 අගෝස්තු මස 27 හිතවත් නෑදෑ පිරික් සමග යාල සෆාරි අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාවක් ලදිමි. කැමරාකරණයට දක්වන්නාවු ෙනොනිමි ආශාව මත Sony Cybershot DSC-S980 වර්ගයේ ප්‍රථමික කැමරාවක ආධාරයෙන් ප්‍රථම වනජීවී   කැමරාකරන අත්හදා බැලීම සිදුකරන ලදි. අවම තාක්ශනය යටතේ උවද මාගෙ ප්‍රයත්නය සාර්ථක යැයි සිතමි. තවද සංස්කරනයද මවිසින්ම සිදුකරන ලද්දකි.

පෙළපාලියකට මැදිවූ මගියා කියූ කව......

Image

යුද්ධය කා සදහාද?

Image
Syrian Helicopter Downed in Damascus Clash සිරියානු කැරලි කරැවන් විසින් 18 වනදා ඩමස්කස් නුවරදී සිරියානු හමුදාව සතු ගුවන් යානයක් බිම හෙලන ලදි. ඉතාම කනගාටුවට කරැන නමි සිරියානු කැරලි කරැවන් ගුවන් යානය  බිම හෙලීම සමිබන්ධව ප්‍රීති වද්දී සිරියාවේම තවත් තැනක තවත් සිරියානුවන් පිරිසක්ම මෙම ප්‍රහාරයෙන් මියගිය ගුවන් නියමුවන් වෙනුවෙන් කදුලු සැලීමයි. රටක් තුල  උද්ගතවන අභ්‍යන්තර අර්බුද සදහා යුධමය විසදුමි පැතීම තුල සැබෑ ජයග්‍රහකයන් බිහිවීමක් බලාපොරොත්තු විය හැකිද? මන්ද දැනටත් 30000කට අධික සිරියානුවන් පිරිසක් තවත් සිරියයානුවෙකුගේම ෙවෙඩි පහරින් මර ැ වැලදෙගෙන ඇති බැවිනි.                                                              ෙමෙවැනි අභ්‍යන්තර අර්බුද සදහා යුධමය විසදුමි පැතීම තුලින් සැබවින්ම ජයග්‍රහනය ලබන්නේ කවුද? මේ සදහා හොදම පිලිතුර පසුගියදා රැසියානු ජනපති විසින් සපයනු ලැබීය එන...

අවසරයි ගුරැතුමනි......

Image
රසායන විද්‍යා ගුරැතුමන් ෙඋෙදසා මා විසින් තබන ලද සටහනක්.................

My 1st Science Fiction

Image
My first science fiction. Published in LAKBIMA sinhala national news paper on 22nd. Oct. 2011. All things are in this letter imaginary on writer's mind.                 

ටියුෂන් තහනම සහ අපි

Image
යදම් බිඳ දෝරේ ගලන්නා වු මතවාද හරි හරියට සටන් වදින පන්නරය මත පසුගිය සති කීපය පුරාවට ඇවිලූණු සටනක් බවට පත් වූයේ අමතර පන්ති සඳහා ශනිදා සහ  පොහෝ දිනයන් හි පැනවූ තහනම නැමති මාතෘකාවයි. ස්වකීය නිදහස් මත වාදයන් ඉදිරිපත් කිරීමට ඇති අපරිමිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී බව නිසාදෝ තම සැරයටිය රිසි ලෙස වනමින් ප‍්‍රතිවාදීන් කීපදෙනෙකුගේම නාස් ඇට බිඳ දැමූ ආකාරය පන්නරය පාඨක ඔබ සැමටම පසුගිය සති කීපය පුරාවට දක්නට ලැබුණු බව නොරහසකි. ශනිදා උදය වරුවේ සහ පොහෝ දින අමතර පන්ති උදෙසා පැනවූ තහනම පිළිබද විවිධ අර්ථ කථන ඉදිරිපත් කිරීමට සමාජය පිළිබද හෝඩියක මට්ටමේ දැනුම ඇති දරුවකුට උවද හැකියාවක් ඇත. කන් දෙක හා ඇස් දෙක හරහා ප‍්‍රතිදානය වන මෙවැනි දහසකුත් එකක් වු මත වාද මොලය උපයෝගී කොට ගෙන ගැඹුරින් විශ්ලේෂණය කළ හැකි මානවයන් වන අප මෙවැනි කරුණු සම්බන්දයෙන් බොරදියේ මාලූ බාන්නන් තෝරා බේරා ගැනීමට උත්සුක විය යුතුය. මන්දයත් වත්මන් සමාජය තම මව මාර්කට් කළ හැකි නම් ඇයද දෙවරක් නොසිතා මාර්කට් කරණ බැවිනි. ඒ අනුව බැලූ කළ පෙනෙන දෙයක් වන්නේ තමාට සිදු වන පාඩුව ගැන තැවෙන ටියුෂන් මුදලාලිලා හා අනගාරික ධර්මපාල තුමන්ලා වීමට මාන බලන කාඞ් බෝඞ් ව...

කිරළ කැලේ සවාරිය

Image
අපි පුංචි කාලෙ කරපු දග වැඩක්...............!