සොදුරු අඥාදායකයෙකු කියවීම

විසල් නුග රුකක් සෙවනේ තෙමසක්


මා විසින් අදටත් කියැවීමට උත්සාහ කරන චරිතයක් පිලිබදවයි මේ සටහන. මෙය ප්‍රමාද වූ කියවීමක් එහෙත් එතුලින් පාඩුවක් සිදුවේ කියල මම සිතන් නෑ මන්ද මේ චරිතය තුලින් ගත හැකි පාඩම් දහස් ගණනක් මා හට මෙන්ම ඔබටත් තිබෙන හෙයින්.
අවුරුදු 21 ක මගේ ජීවිත කාලය තුල මට විවිද පුද්ගලයන් රාශියක් මුන ගැසිල තියනව, එයින් බොහො දෙනෙකු කියවන්නටත් මම සමත් වී තිබෙනව, නමුත් ඒ අතරින් සුවිශේෂීම පුද්ගලයා තමයි මොහු

අමර හේවාමද්දුම

මගේම වචන වලින් නම් "අපෙ අමරෙ සීයා"

පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව කොටුවෙ පෙල පාලි යන අන්තරේ අයියල අක්කලට හුරේ දාපු මට වාසනාවට හරි අවාසනාවට හරි (ඒ ගැන පස්සෙ කතා කරමු ) උසස් අධ‍්‍යාපනය සදහා ඇතුල් වන්න සිදු වුනේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ශන ආයතනයටයි.

උදේ පාන්දර 6.05 හේ රුහුණෙන් කොළඹ එන මට ප්‍රධානම ගැටලුව උනේ මේ ගෙන්දගම් පොළවේ නවාතැන් ගැනීම පිලිබදව,
අන්න ඒ කාරණයේදී තමයි මේ අග්‍රගන්‍ය චරිතය කරලියට පැමිනෙන්නේ

"කොළඹ හුරුවෙනකම් මම මේ දරුව ව තියාගන්නම්"

ඒ අනුවයි මා මෙම සොදුරු අඥාදායකත්වයට යටත් වීම සිදුවන්නේ

ඇත්තෙන්ම කියනව නම් රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීමට ප්‍රථම අපේ සහොදර සහොදරියන්ට මෑතක සිට ලැබෙන "SB ගේ නායකත්ව පුහුනුව" මටත් අනියමින් ලැබෙන්න යන බව සිහිකරමිනුයි මම එදා එතුමන්ගේ නිවසට පය තැබුවේ.
ඔවු මටත් නායකත්ව පුහුනුව ලැබුනා, නමුත් මේ ලෝකයේ කිසිම කෙනෙක්ට නොලැබෙන විදිහෙ වටිනා කමක් සමග, සැබෙවින්ම මගේ ජීවිතේ තීරනාත්මක හැරවුම් ලක්ෂයක සිටින ඒ අවදියේ අනියමින් ලැබුන ඒ නායකත්ව පුහුනුව මිළකල නොහැකියි.

මා අමර හේවාමද්දුම නම් චරිතය කියැවීම ආරම්ඹ කරනුයේ එතුමන්ගේ අභාවයත් පසුව බව කිව්වොත් මා නිවැරදියි
සරලවම පැවසුවහොත් ඔහුගේ අවමංගල්‍ය උත්සවයට පැමිනෙන පිරිවර දෙස බලා සිටින මා

" අමරෙ සීය මෙච්චර පොරක්ද ?"

මම මගෙන්ම ප්‍රශ්න කර ගත්හ.

ඒ අන් කිසිවක් නිසා නොව
ඔහු නිවසේදී මට "අපේ අමරෙ සීයා" ම පමනක්ම වූ නිසාවෙනි,
ඔහු කිසි දිනෙක අපිට "දිසාපති සීයා" හෝ "ලේකම් සීයා" කෙනෙකු නොවූ බැවිනි.

අද දෙරණ පුවත් විකාශය එතුමන්ගේ අභාවය වාර්ථා කල අයුරු

මා කල පින් මද කම නිසාදෝ එතුමන්ගේ සෘජු ඇසුර මා කොළඹට පැමින ඉතා කෙටි කලකට සීමා වුවද ඒ කෙටි කාල සීමාව තුල එතුමන්ගේ සොදුරු අඥාදායකත්වය උපරිමයෙන් විදීමට මා භාග්‍ය ලත් විය.
ඒ අතරින් මා හට අදටත් කිසිවෙකු තුල හමුනොවූ උතුම් මානුශීය ගුණාංග රාශියක් වේ.

සත් වන වසරේ දී අප ඉගෙන ගත් සිඟාලෝවාද සූත්‍රයේ ගුරුවරයාගෙන් තම සිසු දරුවා හට ඉටු විය යුතු යුතුකම් අතර ගුරුතුමන්ගේ හිත මිත්‍රාදීන් හට සිසුවා හදුන්වා දීම යන කරුණ ඔබට මතක ඇතැයි සිතමි. එකල මා ඒ කරුණ සම්බන්දව මගේ සිත සමග දැඩි තර්කයක යෙදෙන්නට වූහ.

ඇත්තෙන්ම එහි ඇති වැදගත්කම කුමක්ද?

ඉන් වසර 10යකට පමන පසු එහි ඇති වැදගත්කම මට අමර හේවාමද්දුම නම් යුග පුරෂයන් සෙවනේ වෙසෙන සමයේ අත් විදින්නට ලැබුනි.
එතුමන් හමුවීමට නිවසට පැමිනෙන උසස් ප්‍රභූන් යැයි සම්මත සෑම හිතවතෙකුටම පාහේ මා නිරන්තරයෙන්ම හදුන්වා දෙනු ලැබූහ, මා එතුමන්ගේ නිවසේ වෙසෙන සාමාන්‍ය නේවාසිකයෙකුට එහා ගිය වටිනා කමක් මා වෙත ආරොපනය කිරිම එතුමන්ගේ ප්‍රයත්නය විය. සැබවින්ම ඒ තුලින් මා තුල මා පිලිබද සියුම් අභිමානයක් ගොඩනැගුනා යැයි කීවොත් නිවැරදිය.

අමර හේවාමද්දුමයන් සතුව සුවිශාල ධනස්කන්දයක් පැවතුනි, එම සුවිශේෂී වූ ධනස්කන්දය එතුමන්ගේ නිවසේ බිත්ති පුරාම සවිකරන ලද රාක්ක මත තැම්පත් කර තිබුනි. තනි පුද්ගලයෙකුගෙ හිමි කාරිත්වය යටතේ ඇති ලංකාවේ විශාලතම පුස්තකාලය ඔහු සතු එම සුවිශේෂී වූ ධනස්කන්දයයි. 
J.R.P සූරියප්පෙරුම මහතා වරක් තමන් හට වරයක් ලැබුන හොත් "අමරෙගෙ පුස්තකාලය" තමන් ඉල්ලාසිටින්නේ යැයි පැවසූ බව දිනක් එතුමන් ප්‍රකාශ කලේ කොක් හඩලා සිනා සෙමිනි.
එතුමන්ගේ ග්‍රන්ථ එකතුව පුලුල් පරාසයක් තුල විය. ත්‍රිපිටකයේ සිට ස්ටිව් ජොබ්ස්ගේ ජීවිත කතාව දක්වා එකිනෙකට වෙනස් වූ විෂය පරාසයන් තුල වූ ග්‍රන්ථ දහසකට අධික ප්‍රමානයක් එතුමන් සතුවිය.
මේ සියල්ල සංයමයකින් යුක්තව භාවිතා කිරීමේ පරම භාගය මා හට එතුමන් පිරිනැමූ නමුත් ම විසින් මා වෙත දමාගත් ස්වයං වාරනයක් මත පුස්තකාලයෙන් ඈත්ව විසීමට තීරනය කලෙමි. මන්ද මා එහි සිටින කාරනය පසෙකින් තබා එදා එම පුස්තක සයුරේ කිමිදුනා නම් අදටත් මා එතුලම වන බැවිනි.

අන් සියල්ලටම වඩා මා එතුමන් තුලින් දැනුම පිපාසයෙන් පෙලෙන ගවේශකයෙක් දුටිමි. සුවිසල් නුගරුකක් බදු එතුමන් හමුවේ තුත්තිරි ගසක් තරම් නොවූ මාගෙන් උව යම් යම් දේ විමසා දැන ගැනීමට තරම් අව්‍යාජ මිනිසෙකු විය. විටෙක එතුමන්ගේ මේ ගුණාංගය මා විශ්මයට පත් කර බව සටහන් කල යුතුය.

මේ ලිපිය අවසානයේ මා එතුමන් නිතර පැවසූ යමක් සදහන් කරනු කැමැත්තෙමි.

එනම්

තමන් හට නිවන් දැකීම සදහා වුවමනාවක් නොමැති බවත්, සෙනරත් පරනවිතානයන් වැනි මහා දැනුමැති ආත්මයක් මතු උපදින බවයේ තමන් පතන බවත්ය.

සොදුරු අඥාදායකයානෙනි, ආදරණීය සීයේ මා ද එය එසේම වේවා යැයි පතමි !   


එතුමන් විසින් රචිත ග්‍රන්ථ ඇසුරින් කීහිපයක්



Comments

Popular posts from this blog

අඛණ්ඩ උපවාසයේ යෙදෙන පුතුට.......