අඛණ්ඩ උපවාසයේ යෙදෙන පුතුට.......

නිමිත්ත :
ගාල්ල බස් නැවතුම පසුකරද්දි රෑ නමය පසු උනා විතරයි,
ඇස ගැටුනු දර්ෂණය මගේ හිත සසළ කරා,
බස් නැවතුම ඉදිරිපිට අඛණ්ඩ උපවාසෙක යෙදෙන
විශ්ව විද්‍යාල සහොදරයින් සතර දෙනෙක්........
                                   - 2014.01.31


බැරිද පුතේ නැගිටින්න
සටන දිනන තුරු ඉන්නම ඕනද උඹට,
කොහොමද නිදාගන්නෙ මම
උඹ නිදි වරණ බව දැන දැන අට්ටාලයක් උඩ

නොදැනෙනව නොවේ 
උඹ
මොරදෙන්නෙ හෙටක් වෙනුවෙන් වග
ඒත් කොහොමද හදාගන්නෙ හිත.

මම

අදටත් ඇගිලි ගනින්නෙ 
උඹේ උපාධි පොටෝ එක සාලෙ මැදින් තියන්න 

ඒත් දැන්
මම

උඹ ඉන්න පත්තර කැළි එකතු කරනව
හොර රහසෙම
ආඩම්බරයක් නැතුවමත් නොවේ
පුතේ මට උඹ ගැන

තේරෙන් නැ පුතේ
ඔය බර වචන
මට
කප්පාදුව, අයිතිය, නිදහස් අධ‍්‍යාපනය 
ඒත් එන්නද මමත් ඔතනට
නිදිවරන උඹට
හදා දිය හැකි තේ උගුරක්වත්
එතකොට
මට



ප:ලි:
ගාලු නගර මධ්‍යයේ අඛණ්ඩ උපවාසයේ යෙදෙන සහොදර වරුන්ට මෙම පැදි පෙල උපහාරයක්ම වේවා.

ප:ප:ලි:
කුමන හේතුවක් මතවත් නිදහස් අධ‍්‍යාපනය කප්පාදු කිරීම මා තරයේ හෙළා දකිමි. විශේෂයෙන්ම පෞද්ගලික විශ්ව විද‍්‍යාල වල උන්නතිය සදහා නිදහස් අධ‍්‍යාපනයේ කෙරෙන්නා වූ කප්පාදු කිරීම්, පෞද්ගලික විශ්ව විද‍්‍යාල ශිෂයයෙක් වශයෙන් දැඩි ලෙස හෙළා දකිමි, මන්ද නිදහස් අධ‍්‍යාපනය නැමති පූජනීය වස්තුවට අනියමින් හෝ හානි කිරිමේ පවට කෙදිනක හෝ අසරණ අපටද වන්දි ගෙවීමට සිදුවන නිසාය.

Comments

  1. මේ කාරණය ඔයා දැකලා තියෙන පැත්ත හරිම සංවේදී ..නියමයි
    කොමෙන්ට් වල වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි, ඔබේ අදහස් හා උපදෙස් යන ද්විත්වයටම.....

      Delete
  2. බොහොම සංවේදී පද ඇමුණුමක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝදරයා......

      Delete

Post a Comment

Popular posts from this blog

මහාමායාවනි