රුසියානු විප්ලවයේ සාහිත්‍යමය පසුවිපරම : සමුගනිමු ගුල්සාරි

1966 දී ප්‍රකාශිත, චිංගීස් ආයිත්මාතොව් ගේ අග්‍රගන්‍ය නිර්මානයක් වන සමුගනිමු ගුල්සාරි, කොම්යුනිස්ට් පාලනයේ හිස ඔසවමින් තිබූ නිළදාරීවාදය මෙන්ම, නායකයන් විසින් උත්තේජනය කර යුධ බිමට යවනා සෙබලුන් පශ්චාත් යුධ සමයක මුහුන දෙන බලාපොරොත්තු බිදීයාම් මනාවට නිරූපනය කරයි. 

මෙම කෘතිය තුල ආයිත්මාතොව් ප්‍රකාශ කරනා දේශපාලනික පනිවිඩය ඉතා නිර්මානශිලී අයුරින් මහල්ලා හා මහලු අශ්වයාගේ කථාව තුලට ලඝුකර කර, එතුලින් පාඨකයාට ඉතා සූක්ශම අයුරින් ලබාදීමට සමත්වෙයි. 

මහල්ලා හා මහලු අශ්වයා තුලින් දිගහැරෙන සමාජවාදය වෙනුවෙන් තම ජීවිතයම කැපකරනා නිර්ව්‍යාජ රුසියානුවන්ගේ මානුශවාදී පැතිකඩ සැබවින්ම ඛේදජනකය. එමෙන්ම ජයිදාර් මගින් පිලිබිබු කෙරෙන රුසියානු කාන්තාව, සමාජවාදී රුසියාවක් වෙනුවෙන් කැපවූ සියලු කාන්තාවන්ට උපහාරයක් වැනිය. 

1966 දී ආයිත්මාතොව් ඉගිලබාදෙන රුසියාව තුල උත්සන්න වෙමින් පවතින නිළදාරී වාදය, වගකීම විරහිත බව ඉන් වසර 20කට පසු චර්නොබිල් අනතුර හරහා පුපුරා යන්නේ සමාජවාදයයේ මළගමද සනිටුහන් කරමිනි. 

 "ගුල්සාරි! ඉතින් උඹට ආයුබෝවන්"

Comments

Popular posts from this blog

අඛණ්ඩ උපවාසයේ යෙදෙන පුතුට.......