ටියුෂන් තහනම සහ අපි

යදම් බිඳ දෝරේ ගලන්නා වු මතවාද හරි හරියට සටන් වදින පන්නරය මත පසුගිය සති කීපය පුරාවට ඇවිලූණු සටනක් බවට පත් වූයේ අමතර පන්ති සඳහා ශනිදා සහ  පොහෝ දිනයන් හි පැනවූ තහනම නැමති මාතෘකාවයි. ස්වකීය නිදහස් මත වාදයන් ඉදිරිපත් කිරීමට ඇති අපරිමිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී බව නිසාදෝ තම සැරයටිය රිසි ලෙස වනමින් ප‍්‍රතිවාදීන් කීපදෙනෙකුගේම නාස් ඇට බිඳ දැමූ ආකාරය පන්නරය පාඨක ඔබ සැමටම පසුගිය සති කීපය පුරාවට දක්නට ලැබුණු බව නොරහසකි.
ශනිදා උදය වරුවේ සහ පොහෝ දින අමතර පන්ති උදෙසා පැනවූ තහනම පිළිබද විවිධ අර්ථ කථන ඉදිරිපත් කිරීමට සමාජය පිළිබද හෝඩියක මට්ටමේ දැනුම ඇති දරුවකුට උවද හැකියාවක් ඇත. කන් දෙක හා ඇස් දෙක හරහා ප‍්‍රතිදානය වන මෙවැනි දහසකුත් එකක් වු මත වාද මොලය උපයෝගී කොට ගෙන ගැඹුරින් විශ්ලේෂණය කළ හැකි මානවයන් වන අප මෙවැනි කරුණු සම්බන්දයෙන් බොරදියේ මාලූ බාන්නන් තෝරා බේරා ගැනීමට උත්සුක විය යුතුය. මන්දයත් වත්මන් සමාජය තම මව මාර්කට් කළ හැකි නම් ඇයද දෙවරක් නොසිතා මාර්කට් කරණ බැවිනි. ඒ අනුව බැලූ කළ පෙනෙන දෙයක් වන්නේ තමාට සිදු වන පාඩුව ගැන තැවෙන ටියුෂන් මුදලාලිලා හා අනගාරික ධර්මපාල තුමන්ලා වීමට මාන බලන කාඞ් බෝඞ් වීරයන් පිරිසක් විසින් චරිත බෙදා හදා ගනිමින් හා මාධ්‍ය නැමති අධ්‍යක්ෂතුමන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ච්ත‍්‍රපටයක් මේ සම්බන්ධයෙන් සමාජ මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වු බවයි.
කෙසේ නමුත් මේ පිළිබඳව ඉහළින් සිට බලන්නට පෙනෙන දෙයට වඩා වැඩියෙන් වත්මන් ශිෂ්‍ය ප‍්‍රජාව වන අපට පෙනේ. ටියුෂන් යනු සමාජය නැමති රූපවාහිනී නාලිකාවේ විකාශය වන දැවැන්ත ගණයේ රියැලිටි තර`ගාවලියකි. සුපර් ස්ටාර්ලා මෙන්ම කොමඩි ස්ටාර්ලාද, ලිට්ල් ස්ටාර්ලා, මෙන්ම මෙගා ස්ටාර්ලලාද මෙම තර`ගයේ ජයග‍්‍රහනයන් ලෙස අභිෂේක ලබති. මේ හරහා බිහිවූ තරු ආකාශ තලයේ බැබලෙනවා මෙන්ම මෙහිම අතුරු  ප‍්‍රතිඵල වන උල්කාපාතයන්ද ඒහා සමානව ආකාශයේ සිට දෙරණ වෙත කඩා වැටෙමින් අලූ ¥ලි බවට පත්වේ. තර`ග කරුවන් ලක්‍ෂගණනක් අතරින් අවසානයේ පුම්බන්නේ අවසන් තර`ග කරුවන් දොළොස් දෙනා මෙන්ම තර`ගාවලියෙන් වසරකට පමණ පසු බෙහෙතකට කියා සොයා ගත හැකි වන්නේ ඉන් තර`ගකරුවන්  එකෙකු හෝ දෙදෙනෙකු හෝ පමණි. ටියුෂන් නැමති රියැලිටි තර`ගාවලියේද කටුක යථාර්තය එයයි.

කවුරුත් කෙසේ තර්ක කළත් ශනිදා උදයවරුවේ හා පොහෝ දින ටියුෂන් තහනම දැන් දැන් ක‍්‍රියාත්මක වෙමින් පවතී. තව කීප දිනකින්ම මෙම තහනම දීපව්‍යාප්තව ක‍්‍රියාත්මක වීමට බොහෝ දුරට ඉඩ ඇත. ඉන් පසු පවතින ගැටළුව නම් ඉනික්බිති මෙම නීතිය ම`ගින් සාර්ථක අස්වැන්නක් එසේත් නොමැතිනම් සාරධර්ම පිරී ශිෂ්‍ය ප‍්‍රජාවක් බිහිකර ගන්නේ කෙසේද යන්නයි. පොහෝ දින ලැබෙන නිවාඩුවෙන් තම ආදරවන්තිය සම`ග ගත කරන්නට කාලය වෙන්කර ගන්නා ශිෂ්‍යයා ම`ගින් සමාජයට වන හානිය එදිනට ටියුෂන් ගිය ශිෂ්‍යා මගින් සමාජයට වන හානියට වඩා බරපතල වන බව නොරහසකි. උණු පුරුකේ දමාවත් බලූ වලිගය ඇද නොහැරිය හැකි බව සත්‍යකි. නමුත් වඩාත් පුලූල් වූ ජාතික ප‍්‍රතිපත්තියක් ම`ගින් වත්මන් ශිෂ්‍ය ප‍්‍රජාව ගුණදහමිින් සන්නද්ද කළ යුතු බව මාගේ හැ`ගීම වේ. ශනිදා උදය වරුවේ හා පොහෝ දින ටියුෂන් තහනම මේ සඳහා ගත් සාර්ථක ආරම්භයක් පමණි. ඉන් ඔබ්බට ලාංකේය ශිෂ්‍ය ප‍්‍රජාවෙහි අනාගතය පිළිබඳ තෘප්තිමත් විය හැක සාර්ථක වැඩ පිළිවෙලක අඩුව ඉතා තදින් ඉස්මතු වේ. දැන් අශ්වයා ග`ග අද්දරට ගෙන ගොස් ඇත. ඌට ජලය පෙවිමට යම් ආශ්චර්යමත් උත්සාහයක් ගත යුතුය. එසේ නොමැතිව ඌ ජලය පානය කරනතෙක් බලා සිටීම නිෂ්ඵල ක‍්‍රියාවක්ම පමණි.

ප : ලි :- මෙම ලිපිය ඉරිදා ලංකාදීපය පුවත් පතෙහි පළ වන "පන්නරය" නම් විශේෂාංගය උදෙසා ම විසින් සපයන ලද ලිපියකි.

Comments

Popular posts from this blog

අඛණ්ඩ උපවාසයේ යෙදෙන පුතුට.......