සෞදි ගිය අම්මාට.....

ලැබුනා අම්මේ, අම්මගෙ පඩි පත
ගිහින් ගත්ත මම phone එකක් touch කරන

ඕන වුනේ මට hit කරන්න සින්දු කියන,
අපෙ අක්කව.
එහෙමයි අම්මෙ සිද්ද වෙන්නේ මෙහේ වැඩ...

මොන ඉඩක්ද අම්මේ බුකියෙ අක්කට,
අම්ම hit වෙලා ඉන්නෙ බුකියේ මුලටම

කියපු සින්දුවකට නෙවෙයි අම්මෙ ඒ ඔල්වරසන් අම්මට,
බීගත්තු තාත්තා අම්මගේ ලේ පුච්චපු තාලෙට

දාන් නෑ අම්මේ අක්කගෙ සින්දුව මම,
ඊලග දවසේ දානවා තාත්ත පුච්චන හැටි අම්ම්මගෙ ලේ,
මම
මේ පැත්තෙ ඉදගෙන....

Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මෙවන් සමාජ සිදුවීමක ඇතුලාන්තය දකිනට දෙනුවන් ඇති ඔබ රටටම ආදර්ශයක්

    විශ්‍රාම යාමට ආසන්න විදුහල්පති කෙනෙකි මා

    ReplyDelete
    Replies
    1. මමත් ඒ විදුහල්පතිතුමන් සමගම විශ්‍රාම යාමට නියමිතයි

      Delete
  3. අපූරුයි මචෝ මේ නිර්මාණය. අදයි මේ බ්ලොග් අඩවිය ඇසට අසුවුණේ. මගේ බ්ලොග් රොලට දාගත්තා දැන්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, අවශ්‍ය වුනේ බුකිය ගන්න මේ කාලකන්නි ආතල් එක මොහොතකට හරි නවත්තන්න.

      Delete
  4. ලස්සන බ්ලොග් එකක්....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අඛණ්ඩ උපවාසයේ යෙදෙන පුතුට.......