Thursday, September 10, 2015

සෞදි ගිය අම්මට.....

ලැබුනා අම්මේ, අම්මගෙ පඩි පත
ගිහින් ගත්ත මම phone එකක් touch කරන

ඕන වුනේ මට hit කරන්න සින්දු කියන,
අපෙ අක්කව.
එහෙමයි අම්මෙ සිද්ද වෙන්නේ මෙහේ වැඩ...

මොන ඉඩක්ද අම්මේ බුකියෙ අක්කට,
අම්ම hit වෙලා ඉන්නෙ බුකියේ මුලටම

කියපු සින්දුවකට නෙවෙයි අම්මෙ ඒ ඔල්වරසන් අම්මට,
බීගත්තු තාත්තා අම්මගේ ලේ පුච්චපු තාලෙට

දාන් නෑ අම්මේ අක්කගෙ සින්දුව මම,
ඊලග දවසේ දානවා තාත්ත පුච්චන හැටි අම්ම්මගෙ ලේ,
මම
මේ පැත්තෙ ඉදගෙන....

Tuesday, September 1, 2015

දන්නා Google ගැන නොදන්නා දේ

මා විසින් රචිත තවත් ලිපියක්, 2014 පෙබරවාරි 11 දින දිවයින ඉරිදා සංග්‍රහය.

Friday, January 31, 2014

අඛණ්ඩ උපවාසයේ යෙදෙන පුතුට.......

නිමිත්ත :
ගාල්ල බස් නැවතුම පසුකරද්දි රෑ නමය පසු උනා විතරයි,
ඇස ගැටුනු දර්ෂණය මගේ හිත සසළ කරා,
බස් නැවතුම ඉදිරිපිට අඛණ්ඩ උපවාසෙක යෙදෙන
විශ්ව විද්‍යාල සහොදරයින් සතර දෙනෙක්........
                                   - 2014.01.31


බැරිද පුතේ නැගිටින්න
සටන දිනන තුරු ඉන්නම ඕනද උඹට,
කොහොමද නිදාගන්නෙ මම
උඹ නිදි වරණ බව දැන දැන අට්ටාලයක් උඩ

නොදැනෙනව නොවේ 
උඹ
මොරදෙන්නෙ හෙටක් වෙනුවෙන් වග
ඒත් කොහොමද හදාගන්නෙ හිත.

මම

අදටත් ඇගිලි ගනින්නෙ 
උඹේ උපාධි පොටෝ එක සාලෙ මැදින් තියන්න 

ඒත් දැන්
මම

උඹ ඉන්න පත්තර කැළි එකතු කරනව
හොර රහසෙම
ආඩම්බරයක් නැතුවමත් නොවේ
පුතේ මට උඹ ගැන

තේරෙන් නැ පුතේ
ඔය බර වචන
මට
කප්පාදුව, අයිතිය, නිදහස් අධ‍්‍යාපනය 
ඒත් එන්නද මමත් ඔතනට
නිදිවරන උඹට
හදා දිය හැකි තේ උගුරක්වත්
එතකොට
මට



ප:ලි:
ගාලු නගර මධ්‍යයේ අඛණ්ඩ උපවාසයේ යෙදෙන සහොදර වරුන්ට මෙම පැදි පෙල උපහාරයක්ම වේවා.

ප:ප:ලි:
කුමන හේතුවක් මතවත් නිදහස් අධ‍්‍යාපනය කප්පාදු කිරීම මා තරයේ හෙළා දකිමි. විශේෂයෙන්ම පෞද්ගලික විශ්ව විද‍්‍යාල වල උන්නතිය සදහා නිදහස් අධ‍්‍යාපනයේ කෙරෙන්නා වූ කප්පාදු කිරීම්, පෞද්ගලික විශ්ව විද‍්‍යාල ශිෂයයෙක් වශයෙන් දැඩි ලෙස හෙළා දකිමි, මන්ද නිදහස් අධ‍්‍යාපනය නැමති පූජනීය වස්තුවට අනියමින් හෝ හානි කිරිමේ පවට කෙදිනක හෝ අසරණ අපටද වන්දි ගෙවීමට සිදුවන නිසාය.

Friday, November 29, 2013

ඇගේ විලාපය

painting by McCubbin
අතරමංව
අහිමිව සෙනෙහස, රැකවරණය
වැන්දඹුවක්ව
අත දරා මොළකැටි සිහිනයක,

ජීවත් කරවන්නට
සිහිනය
කෙසේ නම් දරන්නද මේ බර

මොණර කොළ එකක දෙකකට
පුදන්නට ආත්මය
සුවපහසු සයනක් මත

නැත

කිසිලෙසක ඒ ලෙස
කෙළසන්නෙ
සිහිනයේ නිර්මලත්වය

යදිමි සිගමන් මහ මග
සිහිනය වෙනුවෙන්
කම් නැත......

Friday, September 27, 2013

සොදුරු අඥාදායකයෙකු කියවීම

විසල් නුග රුකක් සෙවනේ තෙමසක්


මා විසින් අදටත් කියැවීමට උත්සාහ කරන චරිතයක් පිලිබදවයි මේ සටහන. මෙය ප්‍රමාද වූ කියවීමක් එහෙත් එතුලින් පාඩුවක් සිදුවේ කියල මම සිතන් නෑ මන්ද මේ චරිතය තුලින් ගත හැකි පාඩම් දහස් ගණනක් මා හට මෙන්ම ඔබටත් තිබෙන හෙයින්.
අවුරුදු 21 ක මගේ ජීවිත කාලය තුල මට විවිද පුද්ගලයන් රාශියක් මුන ගැසිල තියනව, එයින් බොහො දෙනෙකු කියවන්නටත් මම සමත් වී තිබෙනව, නමුත් ඒ අතරින් සුවිශේෂීම පුද්ගලයා තමයි මොහු

අමර හේවාමද්දුම

මගේම වචන වලින් නම් "අපෙ අමරෙ සීයා"

පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව කොටුවෙ පෙල පාලි යන අන්තරේ අයියල අක්කලට හුරේ දාපු මට වාසනාවට හරි අවාසනාවට හරි (ඒ ගැන පස්සෙ කතා කරමු ) උසස් අධ‍්‍යාපනය සදහා ඇතුල් වන්න සිදු වුනේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ශන ආයතනයටයි.

උදේ පාන්දර 6.05 හේ රුහුණෙන් කොළඹ එන මට ප්‍රධානම ගැටලුව උනේ මේ ගෙන්දගම් පොළවේ නවාතැන් ගැනීම පිලිබදව,
අන්න ඒ කාරණයේදී තමයි මේ අග්‍රගන්‍ය චරිතය කරලියට පැමිනෙන්නේ

"කොළඹ හුරුවෙනකම් මම මේ දරුව ව තියාගන්නම්"

ඒ අනුවයි මා මෙම සොදුරු අඥාදායකත්වයට යටත් වීම සිදුවන්නේ

ඇත්තෙන්ම කියනව නම් රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීමට ප්‍රථම අපේ සහොදර සහොදරියන්ට මෑතක සිට ලැබෙන "SB ගේ නායකත්ව පුහුනුව" මටත් අනියමින් ලැබෙන්න යන බව සිහිකරමිනුයි මම එදා එතුමන්ගේ නිවසට පය තැබුවේ.
ඔවු මටත් නායකත්ව පුහුනුව ලැබුනා, නමුත් මේ ලෝකයේ කිසිම කෙනෙක්ට නොලැබෙන විදිහෙ වටිනා කමක් සමග, සැබෙවින්ම මගේ ජීවිතේ තීරනාත්මක හැරවුම් ලක්ෂයක සිටින ඒ අවදියේ අනියමින් ලැබුන ඒ නායකත්ව පුහුනුව මිළකල නොහැකියි.

මා අමර හේවාමද්දුම නම් චරිතය කියැවීම ආරම්ඹ කරනුයේ එතුමන්ගේ අභාවයත් පසුව බව කිව්වොත් මා නිවැරදියි
සරලවම පැවසුවහොත් ඔහුගේ අවමංගල්‍ය උත්සවයට පැමිනෙන පිරිවර දෙස බලා සිටින මා

" අමරෙ සීය මෙච්චර පොරක්ද ?"

මම මගෙන්ම ප්‍රශ්න කර ගත්හ.

ඒ අන් කිසිවක් නිසා නොව
ඔහු නිවසේදී මට "අපේ අමරෙ සීයා" ම පමනක්ම වූ නිසාවෙනි,
ඔහු කිසි දිනෙක අපිට "දිසාපති සීයා" හෝ "ලේකම් සීයා" කෙනෙකු නොවූ බැවිනි.

අද දෙරණ පුවත් විකාශය එතුමන්ගේ අභාවය වාර්ථා කල අයුරු

මා කල පින් මද කම නිසාදෝ එතුමන්ගේ සෘජු ඇසුර මා කොළඹට පැමින ඉතා කෙටි කලකට සීමා වුවද ඒ කෙටි කාල සීමාව තුල එතුමන්ගේ සොදුරු අඥාදායකත්වය උපරිමයෙන් විදීමට මා භාග්‍ය ලත් විය.
ඒ අතරින් මා හට අදටත් කිසිවෙකු තුල හමුනොවූ උතුම් මානුශීය ගුණාංග රාශියක් වේ.

සත් වන වසරේ දී අප ඉගෙන ගත් සිඟාලෝවාද සූත්‍රයේ ගුරුවරයාගෙන් තම සිසු දරුවා හට ඉටු විය යුතු යුතුකම් අතර ගුරුතුමන්ගේ හිත මිත්‍රාදීන් හට සිසුවා හදුන්වා දීම යන කරුණ ඔබට මතක ඇතැයි සිතමි. එකල මා ඒ කරුණ සම්බන්දව මගේ සිත සමග දැඩි තර්කයක යෙදෙන්නට වූහ.

ඇත්තෙන්ම එහි ඇති වැදගත්කම කුමක්ද?

ඉන් වසර 10යකට පමන පසු එහි ඇති වැදගත්කම මට අමර හේවාමද්දුම නම් යුග පුරෂයන් සෙවනේ වෙසෙන සමයේ අත් විදින්නට ලැබුනි.
එතුමන් හමුවීමට නිවසට පැමිනෙන උසස් ප්‍රභූන් යැයි සම්මත සෑම හිතවතෙකුටම පාහේ මා නිරන්තරයෙන්ම හදුන්වා දෙනු ලැබූහ, මා එතුමන්ගේ නිවසේ වෙසෙන සාමාන්‍ය නේවාසිකයෙකුට එහා ගිය වටිනා කමක් මා වෙත ආරොපනය කිරිම එතුමන්ගේ ප්‍රයත්නය විය. සැබවින්ම ඒ තුලින් මා තුල මා පිලිබද සියුම් අභිමානයක් ගොඩනැගුනා යැයි කීවොත් නිවැරදිය.

අමර හේවාමද්දුමයන් සතුව සුවිශාල ධනස්කන්දයක් පැවතුනි, එම සුවිශේෂී වූ ධනස්කන්දය එතුමන්ගේ නිවසේ බිත්ති පුරාම සවිකරන ලද රාක්ක මත තැම්පත් කර තිබුනි. තනි පුද්ගලයෙකුගෙ හිමි කාරිත්වය යටතේ ඇති ලංකාවේ විශාලතම පුස්තකාලය ඔහු සතු එම සුවිශේෂී වූ ධනස්කන්දයයි. 
J.R.P සූරියප්පෙරුම මහතා වරක් තමන් හට වරයක් ලැබුන හොත් "අමරෙගෙ පුස්තකාලය" තමන් ඉල්ලාසිටින්නේ යැයි පැවසූ බව දිනක් එතුමන් ප්‍රකාශ කලේ කොක් හඩලා සිනා සෙමිනි.
එතුමන්ගේ ග්‍රන්ථ එකතුව පුලුල් පරාසයක් තුල විය. ත්‍රිපිටකයේ සිට ස්ටිව් ජොබ්ස්ගේ ජීවිත කතාව දක්වා එකිනෙකට වෙනස් වූ විෂය පරාසයන් තුල වූ ග්‍රන්ථ දහසකට අධික ප්‍රමානයක් එතුමන් සතුවිය.
මේ සියල්ල සංයමයකින් යුක්තව භාවිතා කිරීමේ පරම භාගය මා හට එතුමන් පිරිනැමූ නමුත් ම විසින් මා වෙත දමාගත් ස්වයං වාරනයක් මත පුස්තකාලයෙන් ඈත්ව විසීමට තීරනය කලෙමි. මන්ද මා එහි සිටින කාරනය පසෙකින් තබා එදා එම පුස්තක සයුරේ කිමිදුනා නම් අදටත් මා එතුලම වන බැවිනි.

අන් සියල්ලටම වඩා මා එතුමන් තුලින් දැනුම පිපාසයෙන් පෙලෙන ගවේශකයෙක් දුටිමි. සුවිසල් නුගරුකක් බදු එතුමන් හමුවේ තුත්තිරි ගසක් තරම් නොවූ මාගෙන් උව යම් යම් දේ විමසා දැන ගැනීමට තරම් අව්‍යාජ මිනිසෙකු විය. විටෙක එතුමන්ගේ මේ ගුණාංගය මා විශ්මයට පත් කර බව සටහන් කල යුතුය.

මේ ලිපිය අවසානයේ මා එතුමන් නිතර පැවසූ යමක් සදහන් කරනු කැමැත්තෙමි.

එනම්

තමන් හට නිවන් දැකීම සදහා වුවමනාවක් නොමැති බවත්, සෙනරත් පරනවිතානයන් වැනි මහා දැනුමැති ආත්මයක් මතු උපදින බවයේ තමන් පතන බවත්ය.

සොදුරු අඥාදායකයානෙනි, ආදරණීය සීයේ මා ද එය එසේම වේවා යැයි පතමි !   


එතුමන් විසින් රචිත ග්‍රන්ථ ඇසුරින් කීහිපයක්



Sunday, May 26, 2013

හිමි සඳ දැවූ ගිනි දළු නොකී කව

ඔවි මම දුටිමි,
එදිනත්,
පෙර දවස බෝසත් සාවුන්
ගින්නෙන් බේරාගත්
"සක් රජු"
කැමරාවක් අයාගෙන සිද්ධිය වාර්ථාකරන අයුරු..............