Posts

Showing posts from 2022

අභිෂේකය

Image
  නිමිත්ත උපාධි ප්‍රධානෝත්සවයේ ජායාරූප ඇනවුම බාරදීමට වූ පෝළිමේ  මට ඉදිරියෙන් වූ කෙසග සිරුරැති තරුණිය, තෝරාගැනීමට තිබූ කණ්ඩායම් ජායාරූප, පවුලේ ජායාරූපය ආදී වූ සියලු තෝරාගැනිම් ඉවත් කර  තනි-පුද්ගල ජායාරූපය පමණක් තෝරා,  පසුම්බියේ අස්සක තුනට හතරට නවා තිබූ රුපියල් 500ක් ගෙන තොරාගත් තනි ජායාරූපයට පමනක් මුදල් ඇනවුම බාරදුන්නීය.  මහඇමති නන්ද... ගොසින් පවසන්ට... උත්සවය කරවන උන්ට... අවැසි නැති වග මගුල් බෙර, ජය සක්, කාහලය මට කිරුළ වෙත ආ මග  සිහිකරන විට, හදින් නැගෙන දෝංකාරයට කන්දෙන්නම් මම එදිනට.... අවැසි නැති වග සේසත් තෝමර, ජය ධජ මට කිරුළ වෙත ආ මග  සිහිකරන විට, මා කයේ එසවෙන රෝම පතුරවාවි අවැසි  තේජස... අවැසි නැති වග වන්නම්, ප්‍රශස්ති මට කිරුළ වෙත ආ මග  සිහිකරන විට, මිමිනේවි ජයගී මවිසින් මාහටම නිසැකව... අවැසි නැති වග කිසිවක්ම, එදිනට කිරුළ වෙත ආ මග සිහිකරන විට, සිවු වසරක මතකය අභිසෙස් ගන්වාවි මම මාවම...