Popular posts from this blog
මහාමායාවනි
මෙය කෙසේ සිත් ඇදගන්නා සුලු කථාවකට නැගිය හැකිදැයි මා දින-සති කීපයක් ගෙවෙනා තුරු මා සමග සංවාදයක නියුතු වුනා. එනමුත් කථාවට නිමිත්තක් ලෙස මා සසල කල මීට නොදෙවෙනි වස්තු බීජයක් මා ජීවිත කාලය තුලම සොයාගත නොහැකි නිසාත්..., මෙය ඔබ දැනගත යුතුම කථාවක් නිසාත්.., මෙම කතාව මා තුළ ඇතිකල පීඩනය මුදාහල හැකි හොදම අවස්ථාව මෙය නිසාත්.., මා සියල්ල එලෙසම මෙහි සටහන් කිරීමට අවසානයේ මම මා සමගම එකඟතාවයකට පැමිනියා. වස්තු බීජය පරිකල්පනය නැමති තුනපහ එක් නොකර ඔබට පිලිගැන්වීම රස බාල කරයිදෝ යන සැකයෙන් වුවත් මා මගේ සිතෙහි ඇති බර සැහැල්ලු කරනු වස් එය ඒලෙසටම මෙහි ගෙත්තම් කිරීම මෙලස අරඹමි. • • • මෙය මා මාගේ ප්‍රේමවන්තිය හමුවූ මුල් වකවානුවේ අප අතර වූ කතාබහක දිගුවක්. අප දෙදෙනා වෘත්තියයන් දෙකක, සුසමාදර්ශයන් අන්ත දෙකක ජීවත්වූවන් වූ බැව්න් අප අපව හදුනා ගැනීම යම් ලෙසකින් අභියෝගයක්ව පැවතියා. ඒ නිසාම අප දෙදෙනා විසින් අප සුසමාදර්ශයන් තුල අප ලැබූ අත්දැකීම්, වෘත්තිය ජීවිතය තුල ලැබූ අත්දැකීම් එකිනෙකා ඉදිරියේ දිගහැරීම එම දිනවල අප අතර නොවැරදීම සිදුවූ දවස අවසානයේ "මල් කඩන" පරිඡේදය...
සෞදි ගිය අම්මාට.....
ලැබුනා අම්මේ, අම්මගෙ පඩි පත ගිහින් ගත්ත මම phone එකක් touch කරන ඕන වුනේ මට hit කරන්න සින්දු කියන, අපෙ අක්කව. එහෙමයි අම්මෙ සිද්ද වෙන්නේ මෙහේ වැඩ... මොන ඉඩක්ද අම්මේ බුකියෙ අක්කට, අම්ම hit වෙලා ඉන්නෙ බුකියේ මුලටම කියපු සින්දුවකට නෙවෙයි අම්මෙ ඒ ඔල්වරසන් අම්මට, බීගත්තු තාත්තා අම්මගේ ලේ පුච්චපු තාලෙට දාන් නෑ අම්මේ අක්කගෙ සින්දුව මම, ඊලග දවසේ දානවා තාත්ත පුච්චන හැටි අම්ම්මගෙ ලේ, මම මේ පැත්තෙ ඉදගෙන....
Comments
Post a Comment