නිමිත්ත : ගාල්ල බස් නැවතුම පසුකරද්දි රෑ නමය පසු උනා විතරයි, ඇස ගැටුනු දර්ෂණය මගේ හිත සසළ කරා, බස් නැවතුම ඉදිරිපිට අඛණ්ඩ උපවාසෙක යෙදෙන විශ්ව විද්‍යාල සහොදරයින් සතර දෙනෙක්........ - 2014.01.31 බැරිද පුතේ නැගිටින්න සටන දිනන තුරු ඉන්නම ඕනද උඹට, කොහොමද නිදාගන්නෙ මම උඹ නිදි වරණ බව දැන දැන අට්ටාලයක් උඩ නොදැනෙනව නොවේ උඹ මොරදෙන්නෙ හෙටක් වෙනුවෙන් වග ඒත් කොහොමද හදාගන්නෙ හිත. මම අදටත් ඇගිලි ගනින්නෙ උඹේ උපාධි පොටෝ එක සාලෙ මැදින් තියන්න ඒත් දැන් මම උඹ ඉන්න පත්තර කැළි එකතු කරනව හොර රහසෙම ආඩම්බරයක් නැතුවමත් නොවේ පුතේ මට උඹ ගැන තේරෙන් නැ පුතේ ඔය බර වචන මට කප්පාදුව, අයිතිය, නිදහස් අධ්‍යාපනය ඒත් එන්නද මමත් ඔතනට නිදිවරන උඹට හදා දිය හැකි තේ උගුරක්වත් එතකොට මට ප:ලි: ගාලු නගර මධ්‍යයේ අඛණ්ඩ උපවාසයේ යෙදෙන සහොදර වරුන්ට මෙම පැදි පෙල උපහාරයක්ම වේවා. ප:ප:ලි: කුමන හේතුවක් මතවත් නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීම මා තරයේ හෙළා දකිමි. විශේෂයෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාල වල උන්නතිය සදහා නිදහස
Good one bro!
ReplyDeleteThank you Bro!
Deletenice one mchn
ReplyDeleteThnx Aiye !
Deleteකේත අතර අතරමංව අරමුණු පස්සේ දුවන මිනිසුන් අතර,මිය යමින් පවතින හෙළ භාෂාව අභිමානයෙන් හසුරුවන දෙනුවන් දරුවාණෙනි ,
ReplyDeleteවීර පුරන් අප්පු මියෙන මොහෙතේ පැවසු මගේ අමම්ට මන් වගේ දරුවන් 5 දෙනෙකු සිටියෙ නම් සුද්දන්ට නටන්න බැරිය කියාය
නුතන යුගයේ එම දරුවන් 5 ගේ එක දරුවෙකු ගේ පුනරුප්පතියක් වන ගාන්ධර්වයෙකුගේ බ්ලොග් සටහනකි මෙය
විශ්‍රාමික විදුහල්පති කෙනෙකුගේ කතාවකි
,