Posts

Showing posts from September, 2013

සොදුරු අඥාදායකයෙකු කියවීම

Image
විසල් නුග රුකක් සෙවනේ තෙමසක් මා විසින් අදටත් කියැවීමට උත්සාහ කරන චරිතයක් පිලිබදවයි මේ සටහන.  මෙය ප්‍රමාද වූ කියවීමක් එහෙත් එතුලින් පාඩුවක් සිදුවේ කියල මම සිතන් නෑ මන්ද මේ චරිතය තුලින් ගත හැකි පාඩම් දහස් ගණනක් මා හට මෙන්ම ඔබටත් තිබෙන හෙයින්. අවුරුදු 21   ක මගේ ජීවිත කාලය තුල මට විවිද පුද්ගලයන් රාශියක් මුන ගැසිල තියනව , එයින් බොහො දෙනෙකු කියවන්නටත් මම සමත් වී තිබෙනව , නමුත් ඒ අතරින් සුවිශේෂීම පුද්ගලයා තමයි මොහු අමර හේවාමද්දුම මගේම වචන වලින් නම් "අපෙ අමරෙ සීයා" පෞ ද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව කොටුවෙ පෙල පාලි යන අන්තරේ අයියල අක්කලට හුරේ දාපු මට වාසනාවට හරි අවාසනාවට හරි (ඒ ගැන පස්සෙ කතා කරමු ) උසස් අධ‍්‍යාපනය සදහා ඇතුල් වන්න සිදු වුනේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ශන ආයතනයටයි. උදේ පාන්දර 6.05 හේ රුහුණෙන් කොළඹ එන මට ප්‍රධානම ගැටලුව උනේ මේ ගෙන්දගම් පොළවේ නවාතැන් ගැනීම පිලිබදව , අන්න ඒ කාරණයේදී තමයි මේ අග්‍රගන්‍ය චරිතය කරලියට පැමිනෙන්නේ " කොළඹ හුරුවෙනකම් මම මේ දරුව ව තියාගන්නම්" ඒ අනුවයි මා මෙම සොදුරු අ ඥා දායකත්වයට යටත් වීම සිදුවන්නේ